පොල් ගසකට නැගීමෙන් පසු සිදු වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ගසෙන් බිමට බැසීමට නොහැකිව සිටි පුද්ගලයකු පැය කිහිපයකට පසු දොඹකරයක් ආධාරයෙන් බිමට ගැනීමේ පුවතක් කොළඹ ප්‍රදේශයෙන් වාර්තා වේ.
සිද්ධිය සැකෙවින් මෙසේය. පොල් කැඞීමේ රැකියාවේ නියුතු ඔහුගේ පදිංචිය මාලිගාවත්ත ප්රදේශයේය. වයස අවුරුදු 33කි. ඔහු කරන රැුකියාව සෑම පුද්ගලයකුට කිරීමට නොහැකි නිසා ඔහුට ඇති ඉල්ලූම වැඩිය.
පසුගිය දිනක පොල් ගසකට නැගි ඔහු විනාඩි පහළොවක් පමණ ගතවීත් ගසෙන් නොබැසීම පිළිබඳ විපරම් කිරීමේදී ඔහු ඉතා අපහසුවෙන් ගස මත දිගා වී සිටින බවට දැක ගැනීමට ලැබී ඇත.
වහා නිවසට ගිය ඔහු ජංගම දුරකථනයෙන් පොල් කඩන්නා අමතා ගසෙන් බසින්නේ නැද්දැයි විමසීය.
පොල් කඩන්නාගෙන් පිළිතුරු ලැබී ඇත්තේ ගසෙන් බසිනවා තියා කකුල හෙලවීමට නොහැකි තරමට රිදුම් දෙන බවය.
ඔහු පෙලෙන රෝගී තත්ත්වය වත්ත පුරා පැතිරගියේ දෙබරට ගල් ගැසූවාක් මෙනි. වත්තේ පදිංචි සියලූ දෙනාම පොල් ගස අසලට පැමිණ උඩ බලාගෙන සිටියහ.
වැඩිහිටි පුද්ගලයකුගේ අණ පරිදි එක්තරා බීම වර්ගයක් වෙළෙඳ සැලකින් ගෙන ආවත් එය අයියා අතට යැවීම ප්රශ්නයකි. හේතුව පොල් ගස් නගින අයකු නොමැති වීමය.
කෙමෙන් මරදාන පොලිසියට මෙම ආරංචිය ගෙන යාමට සිද්ධිය නරඹමින් සිටි අයෙක් පියවර ගත්තේය.
ඒ අනුව පොලිස් හදිසි ඇමතුම් අංශයට දැන්වීය. ආරංචි ලැබී කෙටි කාලයක් තුළ පොලිසියේ පිරිසක් එතැනට පැමිණියහ.
කළ යුතු දෙය කුමක්දැයි වැඩිහිටියන්ගෙන් විමසීය. වේදනා නාශක බාම් වර්ගයක් ගස මුදුනට ගෙන යා හැකි පුද්ගලයකු සොයා ගැනීමට නැතැයි පැවසීය.
පොල්ගස් නැගීමට හැකි අයකු අත වේදනා නාශක බාම් වර්ගය ගස මුදුනට යවා වේදනාවෙන් පෙළෙන පොල් කඩන්නාගේ පාදයේ එය ගැල්වීමට පියවර ගැනිණි. විනාඩි කිහිපයක් ගත වූවත් සුවයක් නැත.
වේදනාව එන්න එන්නම වැඩිය. ඒ අතර තවත් යෝජනාවක් ගෙන එමින් කිහිපදෙනෙක් වැරෙන් අල්ලා සිටින කාපට් එකට පනින ලෙස පොල් කඩන්නාට පැවසීය.
එම උත්සාහය ව්‍යාර්ථ වූයේ ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක් තිබෙන බැවින් අනතුරු දායක බැවිනි.
දැන් තිබෙන එකම පිළියම දොඹකරයක් ආධාරයෙන් පොල් කඩන්නා බිමට ගැනීමය.
ඒ අනුව කොළඹ ගිනි නිවීම් ඒකකයේ දොඹකරයක් එම ස්ථානයට ගෙන්වීමට පොලිසිය කටයුතු කළේය.
විනාඩි කිහිපයක් තුළ දොඹකර වාහනය එම ස්ථානයට පැමිණිය ද පේලි නිවාස අතරින් දොඹකරය සහිත වාහනයට පොල් ගස අසලට ළඟා වීමට නොහැකි විය.
ආපස්සට ගත් දොඹකරය ප්‍රධාන මාර්ගයේ සිට පොල් ගස අසලට ළං කෙරිනි. හරියටම පොල් ගසේ අඩකට වඩා එහි බකට්ටුව ළං කිරීමට හැකි විය.
පසුව වේදනා නාශක බාම් වර්ගය රැගෙන ගසට නැගි පුද්ගලයා නැවතත් ගසට නග්ගවා වේදනාවෙන් පෙලෙන පොල් කඩන්නාගේ බඳ වටා ලණුවක් ගැට ගසා දොඹකරයේ බකට්ටුව තුළට ගැනීමට සැලැස්විනි.
බකට්ටුවේ වේදනාවෙන් සිටි පොල් කඩන්නා සිය වේදනාව මදකට අමතක කරමින් තමාට නොසිතූ නොපැතූ ලෙස සිදු වූ අකරතැබ්බය අවස්ථාවේ නන් අයුරින් වෙහෙස මහන්සි වූ ජනයාට මෙන්ම පොලිස් නිලධාරීන්ටත් අත් දෙක වනා ආචාර කරමින් බකට්ටුව ආධාරයෙන් බිමට බැස්සේ ගුවන් ගත වී පැමිණි අයකු පරිද්දෙන් බලා සිටියවූවන්ගේ අත්පොලසන් නාදය මැදිනි.

