පියාගේ බහට පුත්තු සීල් නැති මුද්දර එකතු කරලා


දකුණු පළාතේ සෞඛ්‍යයට සම්බන්ධ ප‍්‍රධාන පෙළේ ආයතනයකි. සවස් වරුවේ එහි පැමිණි දරුවන් දෙදෙනකු ආයතන ප‍්‍රධානියා හමුවී ඉල්ලා සිටියේ ආයතනයට ආ පැරැුණි ලියුම්වල මුද්දර ටිකක් ලබාදෙන ලෙසටය.

”මමත් පුංචි කාලේ මුද්දර එකතු කිරීමේ විනෝදාංශය කළා. අහිංසක වැඩක්” කී ඔහු දරුවන්ගේ හිස අතගා කාර්යාල කාර්ය සහායකට කීවේ මේ දරුවන්ට පැරැුණි ලියුම් තොගයක් දෙන හැටියටය.

ඔහු ඔවුන් සමග කාර්යාලයට යන අතරේ ”දැනට කොච්චර මුද්දර එකතු කරලා දැ”යි ඇසූවිට කුඩා දරුවා කීවේ ”මුද්දර එකතු කරන්නේ තාත්තා. අපි මුද්දර අරගෙන ගියාම සීල් වැදුණෙ නැති ඒවා තාත්ත අරගෙන ඒවායින් ලියුම් යවනවා. ඉතුරු ඒවා විසි කරනවා” යන්නය. මේ කතාව ඇසූ කාර්යාල කාර්ය සහායකට තරු පෙනුණාලූ.