සාමාන්‍ය ව්‍යාපාරිකයකු වූ ඔහු දිවයිනේ ප‍්‍රකට ආයතනයක නිෂ්පාදන බෙදා හැරීමේ නියෝජිත තනතුරක් ලබා ගත්තේ අමාරුවෙනි. තම දියණිය ද මේ සඳහා සම්බන්ධ කරගත් ඔහු ප‍්‍රචාරක නිලධාරීන් රැසක්ද බඳවා ගත්තේය.
ආරම්භයේදී මේ සියලූදෙනා කැඳවූ ව්‍යාපාරිකයා කීවේ හැමදෙනාම පැහැදිලි ඉලක්කයක් හදාගෙන වැඩ කළයුතු බවය. ඒ ඉලක්කයට හරියට යන අයට විශේෂ අනුග‍්‍රහ දක්වන බව ද ඔහු කීය.
වැඩ කරගෙන යන අතරතුර එක් ප‍්‍රචාරක නිලධාරියකු තම දියණිය කෙරේ විශේෂ අවධානයක් ඇති බව ඔහුට පෙණුනත් ව්‍යාපාරික කාර්ය භාරය වැඩි නිසා ඒ ගැන සෙව්වේ නැත.
එහෙත් පසුගියදා දෙදෙනාම අතුරුදන්ව තිබුණත් මේ ගැන දුවගේ දුරකථන ඇමතුමට කතා කළ විට ”තාත්තේ අපි අපේ ඉලක්කයට ගියා” ඇය කීවෙන් ව්‍යාපාරිකයාට තරු පෙනුණි.

