පස්දෙනකු බහිනවැයි බසයේ සීනුව පස්වතාවක් ඇදලා


වේලාව රාත‍්‍රී අටට පමණ ඇත. ගාල්ල බස් නැවතුම් පොළේ සිට මාතර බලා ධාවනය කිරීමට සූදානම්ව තිබූ ලංගම බස් රථයකි. එහි එතරම් මගීන් පිරිසක් නොසිටියත් දිවා කලමෙන් කොන්දොස්තර මාතර, මාතර කියා කෑගැසුවේ ද නැත.

තරුණයෝ පස් දෙනෙක් බස් රථයට ගොඩවී පිටුපස අසුණේ වාඩි වූහ. ඔවුන්ගෙන් කිහිප දෙනකු කොණ්ඩය වවා එක කනක කරාබුවක් ද පැළඳ සිටි අතර කිහිප දෙනකු අත සිලිසිලි බෑග් ද තිබිණි.

විවිධ වැකි සහිත ටී-ෂර්ට් සහ තුන්කාල් කලිසම් හැඳ සිටි ඔවුන් බසයට ගොඩ වූ වෙලේ සිට නොයෙක් දේවල් කියමින් මහ හඬින් සිනාසෙන්නට විය. ‘උණවටුනට පහක් දෙන්න’ එක් අයෙක් කොන්දොස්තරගෙන් ටිකට් ගත්තේය.

බසය උණවටුනට ළඟා වනවාත් සමග එක් අයෙකු පස් වරක් සීනුව නාද කළේය. රියැදුරු ඉදිරිපස කණ්ණාඩියෙන් පිටුපස බලා ‘මොකද බෙල් එක කඩන්න ද හදන්නේ මගේ කන් දෙක ඇහෙනවා’ යයි කෙන්තියෙන් කීවේය.

‘නෑ... නෑ... ඩ‍්‍රයිවර් මහත්තයෝ අපි පස් දෙනෙක් බහින්න ඉන්නවා. ඒකයි බෙල් පහක් ගැහුවේ’ කියා තරුණයෙකු කීවේ සිනාසෙමිනි. තවත් කෝපයට පත් රියැදුරු බස් නැවතුම් පොළේ සිට මීටර් කිහිපයක් ඉදිරියට ගොස් බසය නතර කළේය.