කොළඹ බලා යන බස් රථය සඳුදාට අතුරු සිදුරු නැතිව සෙනඟ පිරෙන දිනයකි. එදාට අතරමගින් බසයට නගින හැමෝම කරන්නේ බස් රථය ගමන් ආරම්භ වන දෙසට පැමිණ වේලාසන ආසන අල්ලා ගැනීමයි.
සිකුරාදායින් පසුව සෙනසුරාදා ඉරිදාත් ගෙවුණේය. උදාවූ සඳුදා පෙරදා මෙන් උදේ බසය සෙනඟ පිරෙන බව දැනගත් ඇය වහා සිය සැමියා ඇහැරවා බස් රථය ගමන් ආරම්භ වන දෙසට යද්දී එයට ගොඩ කරවා ආසනයක් අල්ලා ගත යුතු යැයි තීරණය කොට ඒ සඳහා සැමියා යෙදවූයේය.
ඒ අනුව නිදිමතින් ඇස් පිස දමමින් ඔහුද බසය හැරවුම් ස්ථානයට යද්දි එයට ගොඩවිය.
විනාඩි පහළොවක් පමණ ගතවිය. බස් රථය වේගයෙන් ඉදිරියට ආවේය. ඉදිරි නැවතුම්පොළක බස් රථය නැවැත්වීය.
ඊට කාන්තාවක් ගොඩවූවාය. ඒ වනතෙක් ආසනය අල්ලාගෙන සිටි ඔහු ඇයට අසුන දී බසයෙන් බැස්සේය. බසය පිටත්වූයේය.
ඊළඟ නැවතුමේදීද බසය නැවැත්වීය. තවත් කාන්තාවක් බසයට නැංගේය.
කෝ අපේ හස්බන්ඞ්, කොන්දොස්තරගෙන් ඇය ඇසුවාය.
ආ....අහවලාද එයා අන්න අර නෝනට සීට් එක දීලා කලින් හෝල්ට් එකෙන් බැස්සනේ.
මදැයි මේ මිනිහා සීට් එකක් අල්ලන්න එව්වා. ඉඳිංකෝ ගෙදර මම එනකං. ඇය දත්කූරු කමින් එසේ සිතද්දී නිදිමතේ තම බිරිඳ යැයි ආසනය දී වැරැදි තැනක බැසගත් සැමියා හෙමින් හෙමින් නිවසට පැමිණෙමින් සිටියේය.

