නීතිඥ මිතුරා හම්බවෙන්න යද්දී තරහකාරයෙක් වැඩේ අල කරලා


(තිහගොඩ උපසේන ලියනගම)
දකුණු පළාතේ අධිකරණ සංකීර්ණයක් අසල වූ නීතිඥ කාර්යාල විථියක පසුගියදා තම යතුරු පැදිය නවතා ව්‍යාපාරිකයකු අසල වූ හිතවත් නීතිඥයකු හමුවට ගියේ නඩුවක් පිළිබඳව කතාකර ගැනීමටය.

පැයක පමණ කතාවෙන් පසු ආපසු එන විට යතුරු පැදිය අසල සිටි පොලිස් නිලධාරියකු ‘මහත්තයා මේ වාහනේ නවත්තලා තියෙන්නෙ වැරදි තැනක. මෙතන නවත්තන්න එපා කියල බෝඞ් එකකුත් තියෙනවා. මේ නීතිඥ මහත්තයා මට කීවා තමුන්ට එරෙහිව නඩුවක් තියෙනවා කියලා මට තමුන්ගෙ විස්තර ටික දෙන්න’ කීවෙන් ඔහුට තරු පෙනිණි.

කරුණු සොයා බැලීමේදී අනාවරණය වූයේ තමා මුණ ගැසීමට ගිය නීතිඥයාත් මේ නීතිඥයාත් අතර කාලාන්තරයක් තිස්සේ ගැටුමක් ඇති බවත් මෙය අවස්ථාව කරගෙන ඔහුට රිදවීමට සූදානම් වන බවත්ය.

නඩුවක් ගොනුකළොත් තමා නොමිලයේම පෙනී සිටින බව මේ ගැන දත් තම හිතවත් නීතිඥයා කීවත් තවම එබඳු සිතාසියක් නම් ඇවිත් නැතිලූ.