නෑගම් යද්දී ආරක්‍ෂාවට තැබූ විස්කි බෝතලය හොරෙන් බීලා


අවුරුදු ගමන් යන විට නිවසේ ආරක්‍ෂාවට විස්කි බෝතලයක් තබා යාමේ අපූරු පුවතක් බදුල්ලෙන් වාර්තා වේ.

නිවසේ හිමියා විදේශ රටක සේවය කරන අතර අලූත් අවුරුද්ද පවුලේ අය සමග ගත කිරීම සඳහා බදුල්ලේ පිහිටි තම නිවෙසට පැමිණ ඇත.
අවුරුදු ගමන් යාම සඳහා බිරිය හා දරුවන් සමග සූදානම් වූ ඔහුට නිවෙසේ ආරක්‍ෂාව ගැනත් සිහිපත් විය.

ප‍්‍රශ්නයක් නෑ මම හොඳ වැඩක් කරන්නම්, ඔහු බිරියට කියා ලීටර් එකහමාරේ විස්කි බෝතලයක් සාලයේ මේසය මත තබා පවුලේ අය සමග නෑ ගමන් ගොස් තිබේ.

පැය 4කට පමණ පසු ආපසු නිවෙසට එනවිට නිවසේ දොර විවෘත කර තිබෙනු දුටු නිවෙස් හිමියා වහාම නිවසට ගොස් බලන විට දක්නට ලැබී ඇත්තේ බීමත්ව කටමැත දොඩවමින් පුටු සෙටියේ ඒ මේ අත පෙරළෙන කොලූ ගැටව් දෙදෙනෙකි.

තව දුරටත් පරීක්‍ෂා කිරීමේදී නිවසේ කුස්සියේ දොරේ දොරගුළු කඩා ඔවුන් නිවෙසට ඇතුළු වී ඇති බව ද හෙළිවී ඇත.

ඔවුන් දෙදෙනා අසල්වැසි නිවෙසක ජීවත්වෙන්නන් බව හඳුනාගත් නිවෙස් හිමියා ඔවුන්ගේ මවුපියන් ගෙන්වා දරුවන් දෙදෙනා බරදී තිබේ.

මවුපියන්ගේ ඇණුම් බැනුම් අස්සේ බීමතින්ම නිවෙස් හිමියාගේ හා හාමිනේගේ දෙපා වැඳ සමාව ඉල්ලූ කොලූ ගැටවුන්ට සමාව දුන් ඔහු පිටරට සිට රැුගෙන ආ අලූත්ම කමිස දෙකක් ද දී මීට පස්සේ සොරකම් කරන්න එපා යැයි අවවාද කර ඔවුන් මුදා හළේය.