නැතිවූ වතුර මෝටරයෙන් සායම හෝදාගෙන


තම නිවසේ තිබූ වතුර මෝටරයක් සොරු ගෙන ගොස් ඇතැයි ග‍්‍රාම නිලධාරියාගේ පොතේ සටහනක් දැමීමට ඇය උදේ පාන්දරම ආවේ තම සිවු හැවිරිදි දුවද සමගය.
‘‘වතුර මෝටරේ කිව්වට අංකේ තියෙනවද? සල්ලිවලට ගත්ත කුවිතාන්සිය තියෙනවද? අයිතිය ඔප්පු කරන්න පුළුවන්ද?’’ ග‍්‍රාම නිලධාරි තැනගේ ප‍්‍රශ්නවලට ඈය අන්දුන්කුන්දුන් වූවාය.
‘‘ඒවා ගෙදර ඇති’’ කී ඇය මඳක් කල්පනා කරන විට දුව කීවේ අමුතු කතාවකි.
‘‘ ඕකට බිල් කොයින්ද අම්මෙ, තාත්ත වැඩපලෙන් උස්සගෙන ආව කියල දවසක් කිව්වෙ.’’ ඇගේ කතාවට අම්මාට තරු පෙනිණි.
ග‍්‍රාම නිලධාරියා උපහාසයෙන් සිනාසුන විට ඇය දරුවා ඇදගෙන එතනින් ගියේ මහත් කෝපයකින්ලූ. මේ තොරතුරු අසන්නට ලැබුණේ කළුතර පළාතේ උපනගරයකිනි.