දකුණු පළාතේ පිහිටි ධීවර ගම්මානයකි. කාපට් යෙදු ප‍්‍රධාන මාර්ගය අයිනේ ඊට පහළින් තිබූ ළිඳක අඩි 02 ක් පමණ වූ ජල මට්ටම ක‍්‍රමයෙන් ඉහළ යන බව නිවැසියන් දැන ගත්තේ උදය වරුවේය. පැයක් දෙකක් තුනක් යන විට ජලය උතුරා යන්නට පටන් ගත්තේය. පළමුව අසල්වැසියන්ද, අනතුරුව ගමේ පමණක් නොව ප‍්‍රදේශය පුරා මෙම අරුම පුදුම අරංචිය පැතිර යන්නට වැඩි වේලාවක් ගත වූයේ නැත.
මාස ගණනාවක් පවතින නියඟය නිසා ගමේ පිිහිටා තිබූ ළිං සිඳී තිබූ තත්ත්වයක් තුළ මෙම සිදුවීම සියලූ දෙනාටම මහත් ප‍්‍රහේළිකාවක් විය. පැය කිහිපයක් ගත වෙද්දී බොහෝ දෙනෙක් මෙම ආශ්චර්ය දැක බලා ගැනීමට පැමිණියහ. සමහරු පැවසුවේ පොළොව යටින් ජල උල්පතක් හදිසියේ මතුවීමෙන් මෙය සිදු වන්නට ඇති බවයි.
කෙසේ හෝ හාස්කමකින් මෙන් මතුවූ මෙම ජලය, පූජනීයත්වයෙන් සැලකීමටත් නිරෝගී සම්පත්තිය සඳහා පානය කිරීමටත්, මුහුණ සේදීමටත්, ඇඳ සිටි ඇඳුම් පිටින්ම ස්නානය කිරීමටත් පටන් ගත්තේ බොහෝ භක්තියෙන් යුතුවය. බෝතල්වලට පුරවා තම නිවැස්වලට රැුගෙන යන්නටත් ඇතමෙක් අමතක නොකළහ.
පසුදා උදේ වන විට ජලය උතුරා යාමේ රහස හෙළි විය. මාර්ගය අයිනේ නළ ජලය ගෙන යන ප‍්‍රධාන නළය වසා තිබූ පස් තට්ටුව මතට ජලය මතු වන්නට වීම එයට හේතුව විය.
අවසානයේ ජල සම්පාදන මණ්ඩලයේ සේවකයින් පැමිණ පරීක්‍ෂා කිරීමේ දී ප‍්‍රධාන ජල නළය පුපුරා යාමෙන් මෙය සිදුවී ඇති බව හෙළි විය.

