(තිහගොඩ උපසේන ලියනගම)
කොරෝනා දුරස්ථභාවය රැකීමට ගොස් කරණමක් ගැසූ යොවුන් වියේ තරුණියක පිළිබඳ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකිනි.
ඇය දකුණේ ප්‍රධාන නගරයක ක්‍රීඩා කටයුතු පිළිබඳ උපදේශක කාර්යාලයක සේවිකාවකි. එදින පෙරවරුවේ පටන් වැඩ සටහන් කීපයක් ඇති නිසා උදේම සේවාවට යාම සඳහා බස්නැවතුමකට ගියත් බස් සේවය අඩාලව තිබිණ. ඉතා කලාතුරකින් ආ බසයද නැවැත්වූයේ නැත.
මහ මග තනිකඩව ආ යතුරුපැදියකට ඇය අත දුන්නේ නාඳුනන කෙනෙක් බවද නොසලකමිනි. ‘‘අනේ අයියේ මට පරක්කු වෙලා උදව්වක් කරනවද? ඇය ඔහුගෙන් ඇසීය. සෞඛ්‍ය විද්‍යානුකූලව ඇය සිටි නිසාත් අමතර හිස්වැස්මක් තිබූ නිසාත් ‘නගින්න නංගි හැබයි මීටරයේ දුර තියාගන්න ක්‍රමයක් නෑනෙ’ ඔහු කීවේ සැකයෙනි. ‘‘මම පස්සටම වෙලා ඉන්නං අයියේ’’ කී ඇය යතුරුපැදියට නැග්ගේ කඩිනමිනි.
නගරය අසලටම ගිය පසු ආ වංගුවේදී ඇය ඇලවී ගියෙන් ඔහුගේ අත ඇල්ලීමට යාම නිසා යතුරුපැදිය පෙරළුණි. දෙදෙනාටම කිසිදු තුවාලයක් නොවූවත් විසිවී ගිය බෑගය ගත් ඇය “මම ඉතිරි ටික පයින්ම යන්නම් අයියේ” කීවේ ගැසූ කරණම ගැන අමතක කරමින්ලු.