ව්‍යාපාරිකයෙකි. ගමන බිමන වටිනා රියකිනි. ජංගම දුරකතනය භාවිතයක් නැත්තෙකි. දුර ඇමතුමක් ගතයුතු වූ විටදී දුරකතන මධ්‍යස්ථානයකට හෝ තැපැල් කන්තෝරුවකට යාම ඔහුගේ සිරිතය.
පසුගිය දිනෙක තැපැල් කාර්යාලයකට ගිය ඔහු යුවතියක වූ උපතැපැල් ස්ථානාධිපතිවරියට දුරකතන අංකයක් පවසා එයට ඇමතුමක් ගෙන දෙන ලෙස ඉල්ලා සිටියේය.
ඇමතුම අවසන්ය. මුද්‍රිත බිල්පත තැපැල් ස්ථානාධිපතිනිය තරුණ ව්‍යාපාරිකයා අත තැබුවාය. එහි මුදල රුපියල් දහඅටක් ලෙස සඳහන් විය. දැඩි විමසිල්ලෙන් ඒ දෙස බැලූ ව්‍යාපාරිකයා මිස් මට රුපියල් දෙකක් දෙන්නැයි ඉල්ලූවේය. ඇය ඔහු අත රුපියල් දෙකේ කාසියක් තැබීය. ”එතකොට මිස් රුපියල් විස්සයි” මම හෙට රුපියල් විස්ස ගෙනවිත් දෙන්නම්” කියා ඔහු සිය රථයට ගොඩවූයේ තැපැල් ස්ථානාධිපතිනිය තුෂ්ණිම්භූතව බලා සිටියදීය.
කර කියාගත දෙයක් නොවූ උපතැපැල් ස්ථානාධිපතිනිය සිය අත්බෑගය විවර කර රුපියල් විස්සක් ගෙන ලාච්චුවට දැම්මේ විගණන ගැටලූවක් ඇතිවීම වැළැක්වීම සඳහාය.

