දියවැඩියා සායන කිහිපයකට ඇතුළත්වී නොමිලයේ දෙන බෙහෙත් පිටතට විකුණා මුදල් ඉපයූ බව කියන දියවැඩියා රෝගියකු අල්ලා ගැනීමට රෝහලක සේවක පිරිසක් සමත්වූ පුවතක් කොළඹට ආසන්න ප‍්‍රදේශයකින් වාර්තා වෙයි.
වෛද්‍ය නිර්දේශය මත ග‍්‍රාමීය රෝහලක සායනයකින් ප‍්‍රතිකාර ලබා ගන්නා අතරේ තවත් එවැනිම රජයේ රෝහල් කිහිපයක වෛද්‍ය සායනවලටද මේ පුද්ගලයා ඇතුලත්වී තිබී ඇත. එහෙත් ඒ බව කිසිවකුටත් ඔහු පවසා නැති අතර දියවැඩියා සායනවලින් ලබාදෙන රෝගි තොරතුරු ඇතුලත් පොත් කිහිපයක්ම ගමන් මල්ලේ තිබෙනු දුටු රෝහල් සේවකයන් ඒ ගැන විමසද්දී ඔහුගේ උපාය ගැන හෙලිවී තිබේ.
වෛද්‍ය සායනවලදී නොමිලේ ලබාදෙන බෙහෙත් වර්ග පිටතට විකිණීමට පුරුදුව සිටි මොහුගේ වයස හා රෝගය ගැන සිතා අනුකම්පා කළ සේවකයන් යළිත් මෙවැනි ක‍්‍රියාවල යෙදී අසු වුවහොත් පොලිසියට අල්ලාදෙන බව පවසා මුදාහැර ඇත.

