දහයේ කාසියක් දුන්නැයි විරිදුකරුට යකා නැඟලා


විරිදු සුරල් ගැයූවකුට බසයේ දී දුන් රුපියල් දහයේ කාසිය ආපසු අතට දී ”මේක තමුසෙම අරගෙන යනවා”යි පැවසීමේ සිදුවීමක් පසුගියදා පැලවත්ත ප‍්‍රදේශයෙන් දැනගන්නට ලැබිණි.

රැුකියාවට ගිය මහත්මයකු නිවෙස බලා යමින් සිටියේ බස්රියෙනි. අතරමගදී විරිදුකරුවෙක් බසයට ගොඩවූයේය. විරිදු සුරල් වයමින් බසයේ මගීන් විනෝදයට පත්කරන්නට ඔහු සමත් විය. මහත්මයා ඊළඟ නැවතුමේ බැසීමට සූදානම්ව නැගිට්ටේය. සීනුව නාද කෙරිණි. සාක්කුවට අත දැමූ ඔහු රුපියල් දහයේ කාසියක් අතට ගෙන විරිදුකරු අත තැබුවේ හද පිරි සොම්නසිනි.

විරිදුකරු රබාන පසෙකලා අතබැලීය. රුපියල් දහයේ කාසිය යළි ඔහු අතට දුන්නේය. තමුසේ මේකත් අරගෙනම යනවා, කී ඔහු සෙසු මගීනට රබාන පෑවේ වැඩි ගණනක් ලබාගනු පිණිසය. විරිදුකරුගේ වදන් සවන් වැකුණු සෙසු මගීන් නිසොල්මනේ සිටීම නිසා හිස් අතින්ම ඊළඟ නැවතුමේ දී බැස ගියේය.