මිතුරෙක් තෝසේ කඩයකට ගොඩවූයේ කලකින් මුණගැසුණු මිතුරකුද සමගය. ”අපට තෝසේ ගේන්න” පළමු මිතුරා වේටර්ට පැවැසීය. තෝසේ වඬේ ආදිය මේසයට සැපයිනි. දෙදෙනාම තෝසය සහ වඩය බැගින් පිඟන්වලට දමා ගත්හ. ඒවාට සම්බෝලද සාම්බාරුද (හොදි) ලැබිණි.
දෙවැන්නා අනෙකා අමතා, ”අපි ස්කෝලේ යන කාලවල කන්නෙම තෝසෙ කඩෙන්. කාලා බීලා ගෙවන්නැතිවම මාරු වෙනවා. ස්කෝලෙන් අයින් වුණාට පස්සේ තෝසෙ කඬේකට ආවාමයි. සිනහසෙමින් කීය. අසල සිටි අයෙක් තෝසේ කෑමෙන් පසු පිටව ගියෙන් එතැන තිබූ පිඟානෙන් වඩයක් සොරාගත් දෙවැනි මිතුරා එය තම පිඟානට දමා ගත්තේය. ”හොර වැඩ කරන් නැතිව උඹට ඕනේ නම් වඩයක් අරන් කාපන්” පළමු මිතුරා පැවැසීය. ඕවා අහුවෙන්නේ නැහැ මචන්. ඒ කාලේ අපි කොච්චර හොරෙන් කනවද?” දෙවැන්නා තෙපළේය.
අනුභවයෙන් පසු, ”බිල ගේන්න” යැයි පළමු මිතුරා පැවසූවිට වේටර් තැන, ”සර්ලා මොනාද කෑවේ” යනුවෙන් විමසීය. ”තෝසේ දෙකයි, වඬේ දෙකයි” දෙවැනි මිතුරාගේ පිළිතුරු විය. බිල රැුගෙන පැමිණි වේටර් තැන රුපියල් දෙසීයක බිලක් ඔවුනට ලබාදුනි. බිල බැලූ දෙවැන්නා තෝසේ එකක් කීයදැයි විමසීය. තෝසේ එකක් හතළිහයි. වඩයකුත් හතළිහයි. වේටර් පැවැසීය. ”එතකොට රුපියල් එකසිය හැටයිනේ” දෙවැනි මිතුරා ප‍්‍රශ්න කළේය. ”සර් එහා පිඟානෙන් වඩයක් ගත්තා කියලා කැෂියර් කීවා” කඬේ සී.සී.ටී.වී. හයි කරලානේ. වේටර් පැවැසීය. රුපියල් දෙසීයට අමතරව වේටර්ට රුපියල් විස්සක්ද දුන් පළමු මිතුරා දෙවැන්නා සමග එළියට පැමිණ, ”උඹලා වගේ අය හින්දා තමයි තෝසේ කඩවලත් සී.සී.ටී.වී. තියෙන්නේ” යැයි කීය. කොළඹින් වාර්තා විය.

