කුරක්කන් පිටිවලට පාන්පිටි මිශ‍්‍රව ඇතැයි කුරක්කන් තලපය හැඳි ගෑමට නොහැකිව තලප හැඳි ගෑ භාජනයත් සමග මහ රෑ මුදලාලිගේ ගෙදරට කඩා වැදීමේ සිද්ධියකි.
තණමල්විලට ආසන්න ගමක වෙළෙඳසලකින් රාත්‍රී කෑමට කුරක්කන් පිටි පැකට්ටුවක් රැගෙන ගිය අයකු රාතී‍්‍ර ආහාරයට ගැනීමට තලප හැඳිගෑමට ගියත් තලපය හරිහැටි හැඳි ගෑමට නොහැකිවිය. එවිට තලප භාජනය ද රැගෙන රාති‍්‍ර 10ට පමණ කඬේ මුදලාලි හමුවීමට ගොස් මෙම පිටිවලට පාන්පිටි කලවම්ව ඇති බවත් මෙය කිසිසේත්ම හැඳි ගෑමට නොහැකි බවත් කියා වෙළෙඳසල් හිමියාට චෝදනා කර මොහු වෙරිමරගාතේ ගෙදර ගියේය.
පසුව සොයා බැලීමේදී හෙළිවුණේ මොහු පදමට බී රාති‍්‍ර ආහාරයට කුරක්කන් තලප සෑදීමට ගොස් ඇති අතර තලපයට වුවමනාවට වඩා වතුර දැමීමෙන් තලපය දියාරුවී ඇති බවයි.

