තරුණියක හා සමීප ඇසුරකට ගිය විදුලි උපකරණ අලෙවි නියෝජිතවරයකු ගම්වාසීන් විසින් අල්ලා ගස් බැඳ පොලිසියට දැනුම් දීමේ පුවතක් උඩරට ගමකින් වාර්තා වේ.
මෙම පුද්ගලයා කුලී පදනම මත විදුලි උපකරණ විකිණීමේ යෙදෙන්නෙකි. ගෙන් ගෙට ගොස් විදුලි උපකරණ විකිණීමේ දී ඉහත කී තරුණිය සමග පේ‍්‍රම සබඳතාවක් ඇතිකර ගෙන තිබේ.
නිවසේ කිසිවකු නොමැති අවස්ථාවක ඇය හමුවීමට මොහු යනු දුටු ප‍්‍රදේශවාසීහු ඒ පිළිබඳව සැක සිතී නිවස වැටලූහ.
එම අවස්ථාවේ තුවායක් පමණක් ඇඳ සිටි ඔහු පැන යාමට උත්සාහ කර ඇතත් ප‍්‍රදේශවාසීන් ඔහු අල්ලා ගස් බැඳ පොලිසියට දැනුම් දී තිබේ.
මොහු දෙදරු පියෙකි. තරුණිය විසි දෙහැවිරිදි තැනැත්තියකි.
පොලිස් ඇප මත මොහු නිදහස් කර ඇති අතර මේ පිළිබඳව තලාතුඔය පොලිසියේ ස්ථානාධිපති සම්පත් රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක නිලන්ත විජේසිංහ හා පොලිස් සැරයන් 29664 සෙනෙවිරත්න, පොලිස් සැරයන් 46577 රාජනායක යන නිලධාරීහු පරීක්‍ෂණ පවත්වති.

