මහනුවර සිට කුරුණෑගල දක්වා දිවෙන ශීඝ‍්‍රගාමී පෞද්ගලික බසයකි. රූමත් තරුණියක සමග අසුන්ගෙන සිටි කොලූ ගැටයෙකු තරුණියගේ සිරුරට හිරවනසේ සිටීම ඇයට රිස්සුවේ නැත. කීපවරක් රවා බැලූව ද අඩ සිනහවක් පෑ ඔහු අක්කේ වෙලාව කීයද ඇසුවත් ඇය පිළිතුරු දුන්නේ නැත. දෙවන වරටත් වෙලාව කීයද ඇසුවත් ඔහු දෙස රවා බැලූ ඇය ‘‘වෙලාව නරකයි වගේ’’ කීමෙන් ඔහුගේ මුකුළුව වැඩිවිය.
‘‘වෙලාව කියන්ඩකෝ’’ කී ඔහු එවර ඇගේ අතෙහි වූ ඔරලෝසුව තමා දෙසට හැරවීමට උත්සාහගත් අතර ඇයගෙන් උරහිසට එල්ලවූයේ දරුණු පහරකි. තරු පෙනුණ ඔහු වටපිට බලා එන හැඩ හොඳ නැති බව පෙනුණෙන් නැගිට පසුපසට ගියේ අවට සිටියවුන්ගේ විමසුම් සහගත නෙත් තමා වෙත එල්ල වූ හෙයිනි.
බසයේ මැද පොල්ලේ එල්ලීගෙන මේ දර්ශනය බලා සිටි වියපත් කාන්තාවක් වහා ඒ ආසනයට පැන වාඩිවූයේ ‘‘හොඳ වැඬේ’’ කියමින්ලූ.

