ණයකරුවන්ගෙන් මුදල් අයකර ගැනීමට වෙළෙඳසල් හිිමියා යෙදු උපාය සාර්ථක වූ රසවත් පුවතකි.
සිද්ධිය මෙසේය,
එය නගරයට ආසන්න ගමකට පිවිසෙන මාර්ගය අසල පිහිටි එළවළු සහ පලතුරු වෙළෙඳසලකි. අයිිතිකරු ගමේ වැඩි දෙනාගේ හිතවතෙකි. ඒ නිසාම බොහෝ දෙනෙක් ණය ගනුදෙනුවට පුරුදුව සිටියහ.
ටික දිනක් ගත වන විට ගත් ණය ආපසු ගෙවීම අඩුවන්නට සිදුවිය. ණය මුදල් ඉල්ලා සිටන විට කලින් තිබූ හිතවත්කම්ද පඵදු විය. මේ ගැන කදිම උපායක් යෙදු කඩ හිමියා,
”මට මේ කඬේ තවදුරටත් කරගෙන යාමට නොහැකිවී ඇත්තේ පහත සඳහන් ණයකරුවෝ ගත් ණය නොගෙවන නිසාය” යනුවෙන් විශාල දැන්වීමක් ලියා වෙළෙඳසල ඉදිරිපිට තැබීය.
ගත් ණය දහස් ගණනේ සිට සිය ගණන් දක්වා අනු පිළිවෙළින් ණයකරුවන්ගේ නම් ඉදිරියේ සඳහන්ව තිබිණ. මෙය එහි යන එන්නන්ගේ අවධානයට ලක්විය.
පසුදින වන විට දැන්වීමේ තිබූ නම් කීපයක්ම මැකී ගොස් තිබුණේ ඔවුන් ගත් ණය ගෙවා, නම දැන්වීමෙන් ඉවත් කරගෙන තිබූ නිසාය. තව ඉතිරිව ඇත්්තේ නම් කීපයක් පමණි. තමාගේ උපාය සාර්ථක වීම ගැන වෙළෙඳසල් හිමියා උදම් ඇනුවේය.

