ජේත්තුවෙන්න ගිහින් අපූරු තෙලක් ගාලා


දකුණු පළාතේ අධ්‍යාපන හා විනෝද චාරිකා බස් ව්‍යාපාරයක සේවය කරන තරුණ රියැදුරෙකි. ඉතා ජැන්ඩියට හඳින පළඳින ඔහු චාරිකා ගමන්වලදී රිය පදවන්නේ ද හොඳින් හැඳ පැළඳ මනාව හිස පීරා ගැනීමෙන් පසුවය.

පසුගිය දා එබඳු චාරිකාවකදී උදේ පාන්දර මනාව සූදානම් ව තෙල් ගා හිස පීරා සිටි රියදුරා දුටු වැඩිහිටියකු තමන්ට තමාට ද හිසේ ආලේප කිරීමට පොල් තෙල් පොඞ්ඩක් ඉල්ලා සිටියේය.

ඒ වන විට උදේ කෑම කමින් සිටි ඔහු තම සේවකයාට කීවේ මගේ සීට් එකේ පැත්තක බෑග් එකේ තෙල් එකක් ඇති. ඒක මේ අංකල්ට දෙන්න කියාය.

කෑම කා අවසානයේ බසයට නගින්නට ගිය ඔහු දුටුයේ තම බසයේ ඉදිරිපස පෙට්ටියේ වූ කුඩා බ්‍රේක් ඔයිල් බෝතලයක් චාරිකාවේ නිරත අයගේ අතින් අතට යන බවය. පොල් තෙල් යැයි සිතා කීප දෙනකුම හිසේ ආලේප කර ඇත්තේ බ්‍රේක් ඔයිල් බව දුටු ඔහුට දෙවියන් සිහිවුණාලූ.