තමන් ආධාර උපකාර කරන අපේක්‍ෂකයාගේ වංහුං අහද්දී කිසිවක් කියා ගත නොහැකිව අන්දමන් ද වූ අධාරකරුවෝ පිරිසකි.
පළාත් සභා අපේක්‍ෂකයකුට ආධාර පතා ඔවූහූ ගෙයින් ගෙට ගියහ. මේ පිරිස අපේක්‍ෂකයාගේ ගමට යාබද ගමේ නිවෙසකට ගියහ. විස්තර පත‍්‍රිකා බෙදමින් නිවැසියන් දැනුම්වත් කරමින් අපේක්‍ෂකයාට මනාපයක් සලකුණු කරන ලෙස ඉල්ලූවේය. පළමුව පක්ෂයට ඡන්දය දී අනතුරුව මනාපය ලකුණු කළ යුතු නිසා නිවැසියා එසේ නොකළේ මන්දැයි විමසීය. ‘‘අමතක වුණා’’ පිරිසේ නායකයා සේ පෙනී සිටි අය කීය.
මුඛරි බවින් යුතු නිවැසියා මේ අපේක්‍ෂකයාගේ තොරතුරු විමසන්නට වූයේය. පිරිස විස්තර පති‍්‍රකාව බලමින් උත්තර දෙනු දුටු නිවැසියා මේ අයගේ නොදැනුවත්කම ගැන තේරුම් ගත්තේය.
මේ අපේක්‍ෂකයා නිවැසියාගේ දැඩි හිතවතෙකි. ඒ නිසා අපේක්‍ෂකයාගේ පවුලේ තොරතුරු ඇතුළු වෙනත් විස්තර ඔහු ඇසුවේ කිසිවක් නොදන්නා පුද්ගලයෙකු පරිද්දෙනි. පිරිස අන්දමන්ද වූයේ ඒ ගැන කියන්නට තොරතුරු නොදන්නා නිසාවෙනි.
නිරුත්තර වූ පිරිසේ නායකයා කටහඬ අවදි කළේය. මහත්තයා ඒ ගැන නම් අපි දන්නේ නැහැ. අපි මාඔයෙන් එගොඩ කට්ටියක්. මේ පත‍්‍රිකා ටික බෙදලා එන්න කියා අපේ මහත්තයා කිව්වා. ඔහු ප‍්‍රබල දේශපාලන චරිතයක නම කියමින් පැවසීය.
මහත්වරු දැනගන්න මේ අපේක්‍ෂකයා අපේ අල්ලපු ගමේ කියද්දී පිරිස මුව අයා බලා සිටියහ. එයා .......... ගේ පුතා යැයි කී නිවැසියා අපේක්‍ෂකයා පිළිබඳ තොරතුරු පිරිසට කියා දී මීට පසුවවත් මෙවන් ගොන්කම් නොකරන ලෙස ද ඉල්ලා සිටියේ ය.

