ග‍්‍රාම නිලධාරි ගෘහමූලික ලැයිස්තු බෙදන්න පොල්ලකුත් රැුගෙන ගිහින්


ඡන්දදායකයන් ලියාපදිංචි කිරීම, සංශෝධනය කිරීම සඳහා ගෘහමූලික ලැයිස්තු සම්පූර්ණ කිරීමේ රාජකාරිය පැවරුණ ඔහු රජරට ප‍්‍රදේශයේ අර්ධ නාගරික බලපෙදෙසක් බාරව සිටින ග‍්‍රාම නිලධාරියෙකි.
එම රාජකාරිය ඉටුකිරීමට ඔහු මේ දිනවල ගෙයක් ගෙයක් ගානේ යතුරුපැදියෙන් යන්නේය. පසුගිය සතියේ දිනයක මේ ග‍්‍රාම නිලධාරිවරයා සිය යතුරුපැදිය නවතා නිවෙසකට ගෘහමූලික ලැයිස්තු පිටපතක් බාරදීමට ගියේය.
නිවසේ ගේට්ටුව ඇර තිබූ නිසා ඔහු යතුරුපැදියෙන් කෙළින්ම ගෙවත්තට ඇතුළුවිය. එවිට ඔහු බලාපොරොත්තු නොවූ දෙයකට මුහුණපෑමට සිදුවිය.
ඒ නිවසේ සිටි සුරතලයට ඇති නොකරන බල්ලන් කිහිපදෙනකු හදිසියේම බුරමින් ඇඟට පනින්නට ආවේය. කරකියාගත හැකි දෙයක් නොවූ ඔහු බල්ලන්ගෙන් බේරීමට ලොකු උත්සාහයක් ගත්තේය.
මේ අතරතුර ගෙහිමි කාන්තාව හා තවත් කිහිපදෙනෙක් එක්වී ග‍්‍රාම නිලධාරිවරයාගේ ඇඟට කඩාපැන්න බල්ලන් එළවාදැමූහ. එදායින් පසුව මේ ග‍්‍රාම නිලධාරිවරයා තම රාජකාරිය ඉටුකිරීමට ගෙයක් ගෙයක් ගානේ යන්නේ තම යතුරුපැදිය පිටුපස අසුණේ ලී මුගුරක් ද තබාගෙනය.
මේ ගැන ඔහු මෙසේ කීවේය. ”මා මේ මුගුර ගෙනිච්චොත් ගෙවල්වල ඉන්න බල්ලන් මගේ ඇඟට පනින්නට ආවොත් ඒකෙන් බේරෙන්න පුළුවනි. වැරදිලාවත් බල්ලෙක් හැපුවොත් කාට කියන්නද?”