ගාල්ලේ අලවන්න දුන් ඡන්ද පෝස්ටර් හම්බන්තොට අලවලා


දකුණු පළාත් සභා අපේක්‍ෂකයෙකි. ගාල්ල දිස්ත‍්‍රික්කයට තරග කරන ඔහු පසුගිය දා තම ප‍්‍රචාරක පත‍්‍රිකා මිටියක් ආධාරකරුවකුට දී කැබ් රථයක් ද කුලියට සපයා ඒවා ගාල්ලේ කඳුකර ප‍්‍රදේශයේ උපනගරයක අලවන ලෙස කීය. මේ සඳහා කම්කරුවන් දෙදෙනකු ද සැපයීය.

රාත‍්‍රිය පුරා වැඬේ කිරීමට ගිය ඔහුට හැන්දෑවේ දුරකථන ඇමැතුමක් ආවේ බිරියගේ පියාගෙනි. හම්බන්තොට මහ ගෙදරට සිය කුළුදුල් දරුවා ලැබීමට ගිය සිය බිරිඳට පුතකු ලැබී ඇති බව පියාගෙන් දැනගත් ඔහු උද්දාමයට පත්ව තම සගයින් ගේද අනුමැතිය ඇතිව රාජකාරිය පසුවට කල්දමා රක්වාන පාරෙන් හම්බන්තොට ගියේ පළාත් සභා අපේක්‍ෂකයාට ද හොරෙනි.

 මහගෙදර දී සතුට වැඩි කමට සගයින් සමග මධු සාදයකට ද එක්ව ආපසු එන අතරතුර ගාලූ දිස්ත‍්‍රික් සීමාවේ දී රාජකාරිය මතක් වූ ඔහු නිදිමතේ පෝස්ටර් මිටිය සෙවීය.

අඩ නින්දේ සිටි සගයකු ‘‘සර් අපි එහේ දීම ඒ වැඩෙත් කළා. දැං ඔහොම යං’’ කීමෙන් ඔහුට තරු පෙනිණි. ගාල්ලේ ඇලවිය යුතු පෝස්ටරය හම්බන්තොට ඇලවීමේ ආරංචිය ලොක්කාට ඒ යැයි බියෙන් ඔහු ලබන 29 වනතුරු ඇඟිලි ගනිමින් සිටිනවාලූ.