වෙළෙඳ සැලකින් රුපියල් 150 කට භාණ්ඩ මිලට ගෙන දුන් රුපියල් පන්සීයේ ඉතිරි මුදල හිඟන්නකුට දීමේ පුවතක් මහනුවරට නුදුරු ගම්මානයකින් වාර්තා වෙයි.
සිද්ධිය මෙසේය.
එය මහනුවර නගරයට නුදුරින් පිහිටි ගම්මානකි. එහි ඇති මධ්‍යම ප‍්‍රමාණයේ කඩයකි. නිතරම ගනුදෙනුකරුවන් නොපැමිණෙන හෙයින් කඩයේ හිමිකරු පමණක් එම කඩයේ වෙළෙඳ කටයුතු කරගෙන යයි. මෙම සිද්ධිය වූ දින එක් ගනුදෙනුකරුවකු පැමිණ වෙළෙඳසලේ ඉස්සරහ කොටසේ සිට රුපියල් 150කට බඩු ගෙන රුපියල් 500 කොළයක් දුන්නේය. මේ අවස්ථාවේ වෙළෙඳ සලේ හිමිකරුගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබුණු අතර එය කනේ තියාගෙනම ඔහු මුදල් ලාච්චුව අසලට ගියේ රුපියල් 500 මාරු කර 150 ලබාගෙන ඉතිරි මුදල් ලබාදීම සඳහායි.
ඒ අවස්ථාවේ මුදල් ලාච්චුව අසලට පැමිණි යාචකයකු අත දික් කළේය. දුරකථන ඇමතුමේ එල්ලී සිටි වෙළෙඳසල් හිමියා තමා ඉදිරියේ සිටින්නේ තමන්ගෙන් බඩු ගත් ගනුදෙනුකරු යැයි සිතා ඔහුගේ ඉතිරි රුපියල් 350ම ඔහුට දුන්නේය.
යාචකයා එය ලබාගෙන ක්ෂණයෙන් මාරුවිය. ටික වේලාවකින් දුරකථන ඇමැතුම අවසන් කළ වෙළෙඳසල් හිමියාට තම ගනුදෙනුකරු තවමත් වෙළෙඳසල ඉදිරියේ රැුඳී සිටින අයුරු දැක ඇයි දැයි ඇසීය. එවිට ඔහු තමන්ගේ ඉතිරි මුදල් ඉල්ලා සිටියේය. ඒ අවස්ථාවේදී කුමක් හෝ වැරදීමක් සිදුව ඇති බව දැන ගත් ඔහු ඒ පිළිබඳව සොයා බැලීමේදී තමන් ඉතිරි මුදල් දී ඇත්තේ යාචකයකුට බව දැන ගන්නා විට ඔහු ඇසට නොපෙනෙන දුරකට ගොස් සිටියේය.
පාරිභෝගිකයාට ඔහුගේ ඉතිරිය දෙද්දී කඩහිමියාගේ මුහුණේ සතුටක් නම් නොවීය.

