කාන්තාවක් ගංජා විකුණන බවට ලද තොරතුරක්මත පොලිසිය ඇය අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීමේදී ඇඳ සිටි ඇඳුම ගලවා දමා පොලිසියට රැගෙන යන ලෙසට පොලිස් නිලධාරීන් ඉදිරියේ නිරුවත පෙන්වීමේ සිද්ධියක් අම්බලන්තොට පොලිසියෙන් වාර්තාවේ.
අම්බලන්තොට, මලවෙවත්ත ප‍්‍රදේශයේ කුඩා කඩයක ගංජා විකිණීම සිදුකරණ කාන්තාව ගංජා සමග පොලිසියට හසුවී පොලිසියට රැගෙන යාමට සුදානම් වීමේදී ඇය රෙදි ගලවා දමා දැන් පොලිසියට රැගෙන යන ලෙසට නිලධාරීන්ට කියා තිබෙන බව වැටලීමට එක්වූ අම්බලන්තොට පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උ.පො.ප. ඩි.එච්.වී.ජේ. සමන්ජිත් මහතා කීය.
එසේ ඇය රෙදි ගලවාගෙන සිටින විටදී ඇයගේ දියණියද පැමිණ උඩුකය රෙදි ගලවාගෙන අම්මා දුෂණය කරන්න හදනවා කියා පොලිස් නිලධාරීන්ට බැණවැදී ඇති බවද සමන්ජිත් මහතා කීය. පොලිස් කාන්තාවන්ද සමඟ මෙම වැටලීමට ගිය නිලධාරීන් රෙදි අන්දවා ගංජා සමඟ 50 හැවිරිදි කාන්තාව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර රක්‍ෂිත බන්ධනාගාර ගතකර තිබෙන බවද සමන්ජිත් මහතා කීය.

