කොන්දොස්තර මාරු නොකළ රුපියල් 1000 විරිදුකරු මාරු කරලා
සබරගමුව පළාතේ ප්රධාන බස්නැවතුමකි. ගමට යන මේ පෞද්ගලික බසය උදේ ගමන් වාර දෙකක්ම ගියත් එකතුවූයේ සුළු මුදලකි. නගරයේදී බසයට ගොඩවූ මගියකු රුපියල් විසි දෙකක ටිකට් පතකට රුපියල් දහසක නෝට්ටුවක් දීම නිසා කොන්දොස්තර තැන එය මාරු කිරීමට මුදල් නැති බව කීවේ තරමක කෝපයකිනි.
ඒ මොහොතේම බසයට නැගගත් විරිදුකරුවකු රුපියල් දහස මාරුකරදීමට සමත් විය. කොන්දොස්තර තැන ඊට ස්තුතිකරන විටම විරිදු කරුවා රබාන හැඬවීය. ”පුරුදු වෙන්න අමාරු නෑ ඒ බව ලොක්කට දන්නා විරිදු කියල හම්බකරමු වරෙන් මචං අපි දෙන්නා.”
කියා යළි රබාන හඬවන විට බසයේ සිටි කීපදෙනා සිනාසුනත් බසයේ කොන්දොස්තර තැනට නම් තරු පෙනුණාලූ.

