කොන්දෙ ලෙඩේට බයිසිකලයට බේතක් දීලා


ඔහු මාතරට නුදුරු ප‍්‍රදේශයක පදිංචි බැංකු ක්ෂේත‍්‍ර නිලධාරියෙකි. ඔහුට කොන්දේ අමාරුවක් සෑදී පෞද්ගලික රෝහලකින් බෙහෙත් ගත්තද අසනීපය සුව වුණේ නැත.
යළිත් වෛද්‍යවරයා කරා ගොස් බෙහෙත් රැුගෙන එන අවස්ථාවේ වෛද්‍යවරයා ඔහුගෙන් විමසා ඇත්තේ කරන රස්සාව මොකක්ද කියාය.
ඔහු පවසා ඇත්තේ ‘මම බැංකුවක ක්ෂේත‍්‍ර නිලධාරියෙක්. මම කරන්නෙ යතුරු පැදියකින් ගොස් මුදල් එකතු කරන’ බවය. පසුව වෛද්‍යවරයාට කාරණා පැහැදී පවසා ඇත්තේ ‘මේ බෙහෙත් ටික ඉවර වෙනකම් බොන්න. ආයෙත් කොන්දෙ අමාරුවක් හැදෙන එකක් නැහැ. බයිසිකලයේ පිටුපස ෂොකැබ් ෂෝබර් දෙකත් මාරු කරගන්න.’ ඒ වෛද්‍ය උපදේශය අනුව ඔහු ගෙදර ගොස් නැවත ගරාජයකට පැමිණ පසුපස ෂොකැබ් ෂෝබර් දෙක අලූතින් දමා ගත්තේය. වෛද්‍යවරයා කියූ ආකාරයටම යළිත් කොන්දෙ අමාරුව හැදුණේ නැත.