කළු කුමාරයා පන්නන්න හැදු තරුණ යකැදුරාට ගුටි පූජාවක්


අම්බලන්තොට නිවාස කිහිපයක භූමි දෝෂ ඉවත්කිරීමට කරන ලද තොවිලයකින් පසුව කාන්තාවන් කීප දෙනෙකු ආරූඪවීම නිසා සමාධිගම්මානය (15) රාත‍්‍රී මහත් කලබලයට පත්විය.

වයස අවුරුදු 16-18 තරුණ යැකදුරෙක්  මෙම ශාන්තිකර්ම කර තිබේ. ශාන්තිකර්ම කිරීමෙන් පසු එම නිවාසවල තරුණ කාන්තාවන්ට භූතයා වැහී විවිධ භාෂාවලින් කතා කරමින් දේවාරූඪයෙන් ගාථා කියමින් නටන්නට වූ බව එම නිවැසියෝ පවසති.

මෙම පිරිස අම්බලන්තොට ලූණම පලූගස්වල විහාරස්ථානයට (15) රාත‍්‍රී පැමිණ තිබේ. විහාරස්ථානයේ බෝධීන් වහන්සේ අබියසට පැමිණ සෙත් ශාන්ති කිරීම සිදුකෙරිණි.

තංගල්ලේ යැකදුරා මෙම විහාරස්ථානයට කැඳවාගෙන ආවේ ඉන්පසුවයි. යැකදුරා විහාරස්ථානයට එක්කරගෙන ඒමෙන් පසුව කුපිත වූ ප‍්‍රදේශවාසීහු තරුණ යැකදුරාට පහර දෙන්නට වූහ. මෙය දැක ගැනීමට විශාල පිරිසක් පලූගස්වැව විහාරයට පැමිණ සිටියහ.

තරුණ යැකදුරාගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ මේ සියලූම දෙනාට කළු කුමාර දිස්ටිය වැහිලා තියන නිසා ඉවත් කිරීමට කටයුතු කරන බවය.

කෙසේ හෝ මෙම ප‍්‍රකාශ සමඟ ගෙදරට පැමිණි භූත දෝෂ ඉවත් කිරීමට ගොස් තරුණ කාන්තාවන්ට කළු කුමාරයා කොහොම ඇතුළු කළාදැයි තරුණයෝ පහරදෙමින් විමසන්නට වූහ. තරුණ යකදුරා නැවත ති‍්‍රරෝද රථයකින් තංගල්ලට පිටත්කර යැවීම සිදු කෙරිණි.