කරුංකා ගෝනිය සොරා ගෙන යද්දී අල්ලලා ගස් බැඳලා


වෙළෙඳ සැලකින් කරුංකා කිලෝ 20 ක් සොරකම් කළ පුද්ගලයකු අල්ලා පහරදී ගස්බැඳ ඔහුගේ අඹුදරුවන්ට බාරදුන් පුවතක් ගලගෙදරින් වාර්තාවේ.
වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.
දෙදරු පියකු වන මොහු පසුගියදා ගලගෙදර නගරයේ වෙළෙඳ ද්‍රව්‍ය මිලදී ගන්නා ස්ථානයකට ගොස් ඇත. එම ස්ථානයට වෙළඳ ද්‍රව්‍ය ගෙන එන ලොරියක වූ භාණ්ඩ බෑමද ඔහු සියකැමැත්තෙන්ම කර භාණ්ඩ හිමියන් තේපානය සඳහා ඉවත්ව ගිය පසු කිලෝ 20 ක් පමණවූ කරුංකා ගෝනියක් රැගෙන පළාගොස් ඇත. එය දුටු වෙනත් අයකු වෙළෙඳසල් හිමියාට දැන්වීමෙන් පසු ලූහුබැඳගොස් කරුංකා ගෝනිය සමග මොහු අල්ලාගෙන විත් ඒ අසල වූ දුරකථන කණුවක බැඳ තැබීය.
ඔහු පොලීසියට රැගෙන නොයන ලෙස බැගෑපත් වූ හෙයින් බිරියට පණිවුඩ යවා ගෙන්වා ඇයට භාරදී ඇත.