කාන්තාවන්ට නිරුවත පෙන්වමින් හා හිරිහැර කරමින් දින ගණනාවක් තිස්සේ බදුල්ල දියනාවල ප‍්‍රදේශයේ සැරිසැරූ බව කියන පුද්ගලයෙක් ප‍්‍රදේශයේ කාන්තාවන් විසින් අල්ලා දෑත් දෙපා බැඳ ඊයේ (03) බදුල්ල පොලිසියට බාර දුන් පුවතක් දියනාවලින් වාර්තා වේ.
සැකකරු බදුල්ල කොහොනාවල කන්දේගෙදර මාර්ගයේ දියනාවලට නුදුරු ලඳුකැලෑ ප‍්‍රදේශයක සැඟ වී සිටිමින් පාරේ යන එන ගැහැණුන්ට නිරුවත පෙන්වතියි කියති.
මෙම පාළු ස්ථානයට පහලින් පිහිටි අතහැර දමා ඇති නිවසක රැුඳී සිටිමින් ද ඔහු අශිලාචාර ලෙස හැසිරෙතියි කියති.
අත්අඩංගුවට පත්වූ සැකකරු බදුල්ල වේවැස්ස වත්තේ පදිංචි කරුවකු බවත් ඔහුට විරුද්ධව කාන්තාවන් කීපදෙනෙක්ම ඊයේ (03) පැමිණිලි ඉදිරිපත් කළ බවත් බදුල්ල පොලිසිය පවසයි.
සැකකරුට අයත් යතුරු පැදියක් ද එම ස්ථානයේ තිබී බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

