ග‍්‍රාමසේවා කාර්යාලයකි. උදෑසනම දරුවන් තිදෙනකු සමඟ එහි පැමිණි කාන්තාවක කීවේ තමා ගමේ පදිංචිය අතහැර වෙන ගමක පදිංචියට යන නිසා අදාළ සහතික ලබාදෙන ලෙසටය.
ග‍්‍රාමසේවක ඒ පිළිබඳ අයැදුම්පතක් දුන්විට ඇය මීට වසර හතරකට පෙර රිය අනතුරකින් මියගිය ගුරුවරයකු වූ ඇගේ සැමියා ඇතුළු දරුවන් තිදෙනකුගේ නම් ලීවාය. බාල පුතාගේ වයස අවුරුදු දෙකක්වීම නිසා කරුණු සෙවූ ග‍්‍රාම සේවකට දැනගත හැකිවූයේ ඇය දෙවැනි වරටත් විවාහවී ඇති බවකි.
මේ ගැන විමසූ විට ”ඒ කසාද කතා ලියන්න එපා රාළහාමි, එතකොට මැරුණු මහත්තයගෙ විශ‍්‍රාම වැටුප මට ලැබෙන එකක් නෑනෙ.” කීවෙන් ග‍්‍රාම සේවකට තරු පෙනිණ,
”ඔයා හදන්නෙ මගේ රස්සාවටත් කෙළින්න” දැයි ඇසූ ග‍්‍රාමසේවක එහි තිබූ මියගිය සැමියාගේ නම කපා දමා අලුත් සැමියාගේ නම ලියා බාලම දරුවාට අලුත් සැමියාගේ නමට උප්පැන්න සහතිකයක් හදා ගන්නත් කීවාලු.

