කඩෙන් ගත් රතු කැකුළු ගෙදර ගෙනයද්දී සුදු වෙලා


වෙළෙඳ පොළෙන් මිලට ගත් රතු කැකුළු හාල් ගෙදරදී සෝදා ගරද්දී සුදු කැකුළු හාල් වීමේ සිද්ධියක්  කොළඹට ආසන්න ප‍්‍රාදේශයකින් වාර්තාවෙයි.

 නිවසේ අය පුරුද්දක් ලෙස රතුකැකුළු බත් නිතර ආහාරයට ගෙන ඇත. මේ නිසා දිනක් නිවැසි කාන්තාව  අසල පිහිටි නගරයට ගොස් රතු හාල් මිලට ගෙන ඒවා නිවසේදී සෝදන්නට පටන් ගත් විට හාල් ක‍්‍රමයෙන් සුදුපාටට හැරෙන්නට වීම නිසා එය අතර මඟ නවතා හාල් මිලට ගත් තැනට ගොස් ඒ ගැන විමසා ඇත. මොනව කරන්නද නෝනා මමත් ලොරිවලින් තමයි හාල් ගන්නේ.  වංචනිකයකුට අපි අහුවුණා කියලා මටත් තේරෙනවා. අනික්  දවසේ ආවම හොඳ හාල් දෙන්නම්. කියා වෙළෙන්දා ඊට පිළිතුරු ලෙස කියා ඇත.

මෙහෙම අයටත් හරියානවානේ කියමින් දෙස් දෙවොල් තබමින් නිවෙසට පැමිණි  කාන්තාව අදට විතරක් සුදු බත් කමුයි නිවසේ අයට පවසා නිහඬ වී ඇත. සුදුහාල් රතු කරන ඩයි වලින් අපට ලෙඩ හැදේවි හැබැයි ඩයි දාන මිනිහා නම් කෙළින්ම අවීචියේ ලෝදිය බෝවි යි,  ඇය කියාගෙන ගියාය.