උපාධි ඡායාරූපයේ සන්නස වෙනුවට කුඩයක්


පසුගිය දා පැවති උපාධි ප‍්‍රදානෝත්සවයකදී උපාධි සහතිකය ගත් එක්තරා තරුණියක් අනෙක් සිසු-සිසුවියන් මෙන්ම එම අවස්ථාවේදී  සිය ඡුායාරූප සිිිහිවටන ලෙස ලබා ගත්තාය. නමුත් අදාළ සන්නස සමග උපාධි ඇඳුමින් සැරසී තනි ඡුායාරූපයක් ගැනීමට ඇයට අවස්ථාව නොලැබුණි.

මෙම අඩුව පුරවාගැනීම සඳහා, නිවෙසට එන අතරමගදි ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ ඡුායාරූප ශාලාවකට ගියාය. නමුත් උපාධි ඇඳුම ඇතත් අදාළ සන්නස නොමැති වීම බලවත් ගැටලූවක් විය.

‘‘ආ ඒක ගැටලූවක් නෑ.. අපිට පුළුවන් කොම්පියුටරයෙන් ඒක ඩිසයින් කරලා දෙන්න.’’ ඒ අනුව ඡුායාරූප ශිල්පියාගේ උපදෙස් මත බෑගයෙන් එළියට ගත් නවා රෝල් කරන ලද වවුලා කුඩය අතට ගෙන ඡුායාරූපයට පෙනී සිටියේ, පසුව පරිගණක තාක්‍ෂණය මගින් එය ඉවත් කර අදාළ සන්නස බද්ධ කිරීම අරමුණ ඇතිවය.

‘‘හරි සතියකින් විතර එන්නකෝ මම හොඳට වැඬේ කරල තියන්නම්.’’

ඒ වෙනුවෙන්ම යාමට නොහැකි බැවින් අදාළ ඡුායාරූපය රැුගෙන ඒමට ප‍්‍රමාද වූවේය. කෙසේ නමුත් වෙනත් අවශ්‍යතා කිහිපයකටද ඇඹිලිපිිටිය නගරයට ගිය ඇය කඩිනමින් එම ඡුායාරූප ශාලාවට ගොස් එය රැුගෙන ආවේ තම ගමට යන බසය ගමන ආරම්භ කිරීමට සූදානමින් සිටි නිසාය.

ඇය නිවෙසට යන විට අසල්වැසි යෙහෙළියන් කිහිප දෙනෙකුද නිවසට විත් තිබුණි.

‘‘ආනේ අදද උපාධි පින්තූරෙ ගෙනාවෙ ඇයට පළමුව එම ඡුායාරූපය විවර කර බැලූවේ මිතුරියන්ය.

‘‘ඈ.... බං උඹට සන්නස් පත‍්‍රය දුන්නෙ කුඩයක ඔතලද?’’ මිතුරියන් මවිතයට පත්ව විමසද්දී ඇයට තරු පෙනුණේ, ඡුායාරූප ශිල්පියාට අදාළ කුඩය ඉවත් කර සන්නස යෙදීමට අමතක වී තිබූ බව දැකීමෙනි.