කොළඹ නගරයේ කඩා ඉවත් කරන ලද සමහර නිවෙස් වෙනුවෙන් නිවාස සංකීර්ණයකින් නව නිවාස ලැබුණි. මෙසේ නිවාස ලද අය අතර ත‍්‍රිරෝද රථ රියැදුරු මහතෙක් ද විය. ඔහුට හිමිවූයේ නිවාස සංකීර්ණයේ තුන්වන මහලේ නිවෙසකි. නිවෙසේ යතුර ලැබී සිය මව හා මිතුරන් සමඟ හෙතෙම නිවාස සංකීර්ණයට පැමිණියේ පැරණි නිවසේ තිබූ බඩුමුට්ටු ද සමඟය.
මිතුරන් බඩු බාහිරාදිය නව නිවසට ගෙන යන අතරේ ඔහු නිවාස සංකීර්ණයේ මිදුල සිට ඉහළ මහළ දෙස බලන්නට විය. ඔහුගේ හිස භ‍්‍රමණය වන්නට වූයෙන් වහාම බිම වාඩි විය. උස් මහල්වලින් යුක්ත ගොඩනැගිලි කඩා වැටේය යන බියක් කුඩා කල සිටම ඔහුගේ මනසේ තැන්පත් වී තිබිණි.
”අනේ මචං මට මෙහේ ඉන්න බැහැ”යි පැවසූ හෙතෙම පසුව මිතුරන් සමඟ ත‍්‍රිරෝද රථ නැවතුමට පැමිණ සේවයේ යෙදෙන්නට විය. රාත‍්‍රිය උදාවූ පසු මිතුරන් ඔහු නව නිවස වෙත රැුගෙන යෑමට උත්සාහ කළත් එය අසාර්ථක විය. ඔහුට මත්පැන් පොවා රැුගෙන යෑමට නොහැකි වූයේ ඔහු මත්පැන් කටේ නොතබන හෙයිනි. ”අනේ මචං මට කරදර කරන්න එපා, මට පාඩුවේ ඉන්න දෙන්න” ඔහු මිතුරනට පැවසීය.
දැන් ඔහු රාත‍්‍රිය ගත කරන්නේ තම ත‍්‍රිරෝද රථයේය. නැතහොත් මිතුරකුගේ කඩ කාමරයක් තුළය. ඔහුගේ මව නව නිවසේ තනියම වාසය කරයි.

