ඉලව්ගෙදර සැරසිලි අස්සේ අපේක්ෂකයකුගේ සේයාරුව අලවලා


වෙරළබඩ ගමකි. නැති බැරි පවුලක වැඩිහිටි පියකුගේ අවමඟුල සඳහා සහාය දීමට පසුගියදා තරුණ පිරිසක් නිවසට එක්ව සිටියහ. මේ ආරංචිය ලද පළාත් සභා අපේක්ෂකයකු මෙහි ආවේ කළ හැකි උදව්වක් කිරීමටය. තරුණ පිරිස ඊට කැමැත්තක් නොදැක්වුවත් ගෙහිමියන්ගේ ඉල්ලීම පරිදි සැරසිලි කටයුතු ඔහුට භාරවිය.
ඒ වැඬේ සගයන්ට පවරා අපේක්ෂක ඉවත්ව ගිය අතර අපේක්ෂක ආධාරකරුවෝ තරුණයන් සමග හිතවත් වී සීතල හා උණුසුම් සංග‍්‍රහ මැද අවමඟුල් පෙරහරේ මහමග සැරසූහ.

අවසානයේදී අපේක්ෂකට සහාය පිණිස ඔහුගේ ඡුායාරූපය සහිත දැන්වීම් ටිකක්ද ගමපුරා අලවන ලෙස ඔවුන්ට දී ආධාරකරුවන් සමුගත්තේ මැදියම් රාති‍්‍රයේය.
පසුදා උදෑසනම ප‍්‍රධාන ආධාරකරුට හිතවතකුගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි. ඒ අනුව මළ ගෙදරට යළි ගිය ඔහුට දෙවියන් සිහිවූයේ අවමඟුල් පෙරහැරේ ඇද තිබූ සුදු කොඩි වැල් අතර තැනින් තැන තම අපේක්ෂකයාගේ ඡුායාරූපයද එල්ලා ඇති බව දැකීමෙනි.