එම ආයතනයේ විධායක ශ්‍රේණියේ නිලධාරියෙක් විය. ඔහු රළු පෙනුමක් ඇති තලතුනා පුද්ගලයෙකි. ඔහු තම රාජකාරිය දේව කාරියක් සේ සැලකූ අතර හෙතෙම රාජකාරියට පැමිණෙන විටදී සුළු සේවකයන් පවා ඇස ගැසීමට නොසිටියේ කුමක් හෝ වරදක් පෙන්වා දොස් නගන හෙයිනි.
එදින කාර්යාලයේ විශේෂ දිනයක් විය. පිළිගැනීමේ නිලධාරිනියට ද වැඩ වැඩියෙන් පැවරුණු දිනයකි. එහෙත් ආදරයෙන් මුසපත්ව සිටි ඇය රාජකාරිය පසෙකලා තම අනංගයා සමග ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් පසු වූවාය.
මේ අතර රාජකාරි දුරකතනය නාදවිය. ඇමතුම පෙර කී විධායක නිලධාරියාගෙනි. පෙම්බස් දොඩමින් සිටි නිලධාරිනිය ද පෙම්වතාට සමු දී, ”අයි ලව් යූ” යනුවෙන් පැවසුවාය.
එවිට නාද වූ රාජකාරී දුරකනය ද තම අතෙහි විය. එය අසා සිටි නිලධාරියා දැඩිසේ කෝපාවිෂ්ට වී, ”අයි ලව් යූ කියන්න ගෙදර මට කෙනෙක් ඉන්නව. මම ඔහේට දුන්නු වැඬේ කළාද? යයි විමසීය. එවිට ඇයට දවල් තරු පෙනිණි. ඇයට පැවරී තිබුණේ එදින පැමිණෙන අමුත්තන්ගේ සංග‍්‍රහ කටයුතු සංවිධානය කිරීමය. විධායක නිලධාරියාගේ ඇමතුමෙන් පසු ඇයට තරු පෙනුණි.
කොළඹ නගරයේදී මේ කතාව අසන්නට ලැබිණි.

