අසල්වාසීන්ගේ විරසකය බිඳින්න අපූරු උපායක්


තම නිවසට එහා ගෙදරින් ආ ඝෝෂාකාරී හඬ නැවැත්වීමට නීතිමය ක‍්‍රියාමාර්ග පවා ගෙන ඵලක් නැතිවූ විට ඔහු යෙදු අමුතු උපායක් නිසා එය නැවතීමේ පුවතක් පසුගිය දා අසන්නට ලැබුණේ හක්මන ප‍්‍රදේශයෙනි.

එකම තාප්පයෙන් වෙන්ව තිබූ එහා නිවසේ කැසට් සංගීතය මෙහා ගෙදර අයට කරදරයක් වූයේ එය දිනපතාම උස් හඬින් දිවා රෑ නොබලා ක‍්‍රියාත්මක වීම නිසාය.
මීට එරෙහිව විවිධ ක‍්‍රියාමාර්ග ගැනීම නිසා පවුල්  දෙක අතර මහ ගැටුම් නිර්මාණ වූ අතර ගතුකියමින් මෙය අවුළුවන්නෝද වූහ.

එවන් කෙනෙක් පසුගියදා මේ නිවෙසට පැමිණ එහා නිවෙසට චෝදනා නඟනවිට ගෙහිමියා කීවේ ‘‘ඒ හඬ ඇත්තටම හොඳය. බලන්න කවදාවත් ගෙඩි නැතිව තිබුණු දෙහි ගහේ ගෙඩි හැදිලා. ඒ පැත්තෙ අඹගහේ ගෙඩි පිරිලා. ඔය හඬට ගස්වල ගෙඩි හැදෙනවලූ නේ’’ යන්නය.

පසුවදාම කැසට් හඬ නැවතුනේ කේලමා ඒ ගැන එහා ගෙදරට කී නිසාලූ.