නගරයේ හෝටලයක පැවැති මඟුල් සාදයක පෝරුවේ චාරිත‍්‍ර ඉටු කරන්නට පැමිණි ජෝතිෂ්‍යවේදියකු පමණ ඉක්මවා මත්පැන් පානයකොට සිය බිරියගේ කරපිටින් නිවෙස බලා ගිය බව කියවෙන පුවතකි.
සිද්ධිය මෙසේය
එය එක්තරා හෝටලයක පැවැති මංගල සාදයකි.
මංගල සාදයේ සියලූ කටයුතු තෝරාගත් හෝටලයේ දී සිදු කරන්නට දෙපාර්ශවයේ ඥාතීන් තීරණය කර තිබු අතර දෙපාර්ශවයේම පිරිස් උදෑසන සිටම ඒ සදහා සූදානම් වූවේ කිසිදු අඩුවක් තබන්නට ඉඩ නොතබමිනි.
මංගල උත්සවයේ ප‍්‍රධානතම අංගය වූ අෂ්ටක කීම හා පෝරුවේ චාරිත‍්‍ර ඉටු කිරීමද එම ප‍්‍රදේශයේම ජෝතිෂවේදියකු වෙත පවරා තිබිනි.
ජාතික ඇඳුමින් සැරසුණ ජොතිෂවේදියා උදෑසනින්ම එම ස්ථානයට පැමිණි අතර ඔහුගේ බිරියද ඒ සමග විය.
නියමිත නැකත්වලට අනුව එහි සියලූ කටයුතු අඩුවක් නැතිව ඉටුකළ ජෝතිෂවේදියාට මනාලියගේ පාර්ශවයෙන් මෙන්ම මනාලයාගේ පාර්ශවයෙන්ද දහසින් බැඳි පියලි පිරිනැමුනේ ඔහුගේ සේවයද මහත්සේ අගය කරමිනි.
තෑගි බෝග ලැබුණ ද ඔහු පිටත්ව යන බවක් නොපෙණුනි.
ටික වේලාවක් ගත වෙද්දි ඔහු මංගල උත්සවයේ මත්පැන් සාදය දෙසට ඇදී ගියේ කාන්දමක් පරිද්දෙති.
ටික මොහොතක් ගත වෙද්දී හොඳ හැටි පදම් වූ ඔහු යළිත් අෂ්ටක කියන්නටත් නවීන පන්නයේ හින්දි ගී ගයන්නටත් පටන් ගත් අතර එහි සිටි ............... පිරිසටද එය මහත් විනෝදයක් විය.
කෙසේ වෙතත් සිනාව ඉක්මවූ මෙම පුද්ගලයා තවත් මොහොතක් ගත වෙද්දි සාදය පැවැති මේසයක් අසලම හතර ගාතය දමා ඇද වැටුණු අතර මංගල සාදය ද එකම අවුල් ජාලයක් බවට පත්විය.
කෙසේ වෙතත් පැයකට ආසන්න කාලයක් ඒ දෙස බලා සිටි පිරිස අතරේ සිටි කාන්තාවක් වහා ඔහු වෙත පැමිණ ඔහු වත්තම් කරගෙන හෝටලයෙන් එළියට බැස්සේ ‘‘ආව වැඬේ කරල ගෙදර යන්න දන්නේ නැති’’ යැයි තම සැමියාට දෙස් දෙවොල් තබමිනි.

