අධිවේගී පාරෙන් එන ගාන පොල් ගහෙනුත් කපාගන්න හදලා


බස්නාහිර ගමක මේසන් බාස් කෙනකුට මුහුණ පෑමට සිදුවුණ රසවත් සිද්ධියක් පසුගිය දිනක වාර්තා විය.

ඔහු දක්ෂයෙකි. වැඩ කාරයෙකි. ගමේ ඇත්තන් කීවේ පැටී බාස් උන්නැහේ යනුවෙනි. ගමේ හැම දෙනාගෙන්ම ඔහුට කුඳු මහත් වැඩ ලැබෙති. ‘‘පැටී බාසුන්නැහේ... අපේ කුස්සිය පොඞ්ඩක් හදාගන්නත්  ඕනෑ පුළුවන් තරම් ඉක්මනටම’’ ගමේ කතක කීවාය.

‘‘මේ දවස්වල වැඩ ටිකකුත් අඩුයි. නැකතක් බලා ළඟදීම වැඬේ පටන් ගම්මු. ආයේ මොකටද කල් දාන්නේ’’ යි පවසමින් කටේ පුරවා සිටි බුලත් කෙළ වෙදගිල්ල හා මැදගිල්ල අතරින් ‘චෝස්’ ගා බිමට ගැසුවේය. ඔහු ඒ ආරාධනය පිළි ගත්තේය. ඒ ඔහුගේ හැටිය.

පැටී බාස් උන්නැහේ ළඟ ඇත්තේ වාමාංශික අදහස්ය. ඔහු විටෙක විනෝදකාමියෙකි. එහෙත් රැකියාවෙන් ලැබෙන මුළු මුදලම වියදම් නොකළේ තමන්ටම කියා අලූත් නිවහනක් සාදා ගැනීමට අවශ්‍යයැයි සිතු නිසාවෙනි. හෙමින් සීරුවේ ඉතිරි කරගත් මුදලින් වැලි, ගඩොල්, සිමෙන්ති මිලදී ගත්තේ අනාගත සිහිනය ජය ගැනීමේ අදහසිනි.

එහෙත් ඔහුට ප‍්‍රශ්නයක් තිබිණි. ඒ වහලය සඳහා අවශ්‍ය පරාල ඉරා ගැනීමට පොල් ගස් කිහිපයක් සොයා ගැනීමයි.
පැටී බාස් තම යහළු සයිමන් බාසුන්නැහේට තමාගේ ප‍්‍රශ්නය යොමු කළේ මෙලෙසිනි.

‘‘බලන්නකෝ උන්නැහේ. පරාලවලට පොල්ගස් හොයා ගන්න එකනේ අමාරුම වැඬේ.’’ ‘‘පැටී අයිය බයවෙන්න එපා. මම පොල් ගහක් අරන් දෙන්නම් රුපියල් 3000 කට. වැඩි දුරකින් නෙමෙයි. ගමෙන්ම. සයිමන් මල්ලීගේ කථාව ඇසූ පැටී බාසුන්නැහේට නිම් හිම් නොමැති සතුටක් ඇතිවිය.
‘‘අදම, ඒ ගැන කතා කර ගන්න යන්න පුළුවන්ද ? සයිමන් මල්ලි.’’

‘‘මොකෝ බැරි. දැන්ම ගිහිල්ල ඒ ගැන කතා කරගනිමු.’’

පොල්ගස මිලට ගත් නමුත් එදිනම ගසා කපාගෙන ඒමට නොහැකි විය. අපි සල්ලියි, ආයුධයි, තව දෙතුන් දෙනෙකුයි එක්ක තව දවස් දෙකකින් තුනකින් එන්නම් කී දෙමිතුරෝ නිවෙස් බලා පැමිණියහ.

මේ අතර තුර ගම්මානය මැදින් අධිවේගී මාර්ගය සෑදීමට යන බවත් අලාභහානි වන ඉඩම් හා ගහ කොළ වලට ලොකු වන්දියක් ලබා දෙන බවටද පොල් ගසකට රුපියල් පනස්දාහක් දෙන බවටද සැඬ සුළගක් සේ ගම හරහා හඹා යන්නට විය.

පැටී බාසුන්නැහේ දින කිහිපයකින්ම තව පිරිසක් සමඟ ගහ කපාගෙන ඒමට ගියේය.

‘‘අනේ! බාස් උන්නැහේ. තරහා වෙන්න එපා. පොල් ගහ  ඕන්නම් 5000ක් දීලා අරගෙන යන්න.’’ ලෙස දුන් පිළිතුරෙන් බාස්ට තරු පෙනුණි.
ඒ....මො....ක...ද?

රුපියල් 3000ට දෙන්න පොරොන්දු වුන පොල් ගහට රුපියල් 5000ක් ඉල්ලූවේ රජයෙන් මාර්ගය හදන විට කැපෙන පොල්ගහකට 5000ක් ගෙවන නිසාලූ.
ආපසු ගියේ සැමටම දෙස් දෙවොල් තබමිණි.

දැනටත් ඒ ගම්පැත්තේ අපේ ඇත්තන්ගෙන් පොල් ගස් ගැන අහපුවහම තරහ යනවලූ.