අතුරුදන්වූ රන් වළලූ දෙක මෙහෙකාරියගේ යට ඇඳුමේ


මහා දවාලේ නිවෙසකින් අතුරුදන්වූ රුපියල් 1,10,000ක් වටිනා රන් වළලූ දෙකක් එම නිවසේම සේවය කරන මෙහෙකාරියගේ යට ඇඳුම තුළ සඟවාගෙන සිටියදී සොයාගත් බව උතුරු කළුතර පොලීසිය කියයි.
මෙම සොරකමට නිවසේ සිටින මෙහෙයකාරිය සැක බවට නිවෙස් හිමිකාරිය පොලීසියට කළ ප‍්‍රකාශය අනුව සැරයන්වරියන් වන මධුවන්ති (8677) හා පි‍්‍රයන්ති (8631) යන මහත්මීන් විසින් සැකකාරිය ඇඳසිටි යට ඇඳුම් පරීක්‍ෂා  කර රන් වළලූ දෙක සොයාගෙන තිබිණි.
මින් පෙර ද මැය මෙවැනි සොරකම් කර ඇත්දැයි සොයාගැනීමට පොලීසිය පරීක්‍ෂණ ආරම්භ කොට තිබේ.
උතුරු කළුතර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ප‍්‍රශාන් ද සිල්වා සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක පද්මසිරි කුලතුංග යන මහත්වරු මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.