(කුලියාපිටිය - චාමර විමලරත්න)
සිය 8 හැවිරිදි දරුවා නිවෙසේ කලහකාරී ලෙස හැසිරෙන බව දන්වමින් ගල්පොළ ප‍්‍රදේශයේ මවක් කුලියාපිටිය පොලිසියේ 119 හදිසි ඇමතුම් රථයට රාත‍්‍රී 9.00ට පමණ දුන් දුරකථන ඇමැතුමක් අනුව එම රථයේ නිලධාරීන් එකී නිවෙසට ගොස් විමසුම් කිරීමේ දී කලහකාරී ලෙස හැසිරුණු බවකී දරුවා නිවෙසේ නිදිසුව විඳිනු පොලිස් නිලධාරීහු දුටුවහ.
පොලිස් නිලධාරියා: මේ දරුවා කාගේද?
මව: මගේ. මෙයා කියන දෙයක් අහන්නේ නෑ. අකීකරුයි. ?ට කෑම ටික කවන්නේ යුද්ධයක් කරලා. පොලිසියෙන් එනව කිව්වමයි ගිහිල්ල නිදාගත්තේ.
පොලිස් නිලධාරි: ජීවිත හා දේපළ ආරක්ෂා කරගත යුතුව ඇති හා සාමය හා නීතිය කඩවන අවස්ථා උද්ගතවූ විටෙක පමණයි 119ට දැනුම් දිය යුත්තේ.
දරුවා කියන දේ අහන්නේ නෑ, අකීකරුයි කියලා 119ට කීම එහි වටිනා රාජකාරිය නොවටිනා ලෙස හෑල්ලූ කිරීමක්. පොලිසිය කියන්නේ බිල්ලෙක් කියල දරුවන්ව රවට්ටන්න එපා.

