(ආරියරත්න රණබාහු)
ලබන මාසයේ සිට විශ්‍රාමික රාජ්‍ය සේවකයින් ලක්ෂ පහකට රුපියල් 2800 සිට රුපියල් 20,000 දක්වා වැටුප් වැඩිකෙරේ.
ඒ අනුව කාර්යාල කාර්ය සහායකුට රුපියල් 2800 ක්, පොලිස් සැරයන්වරයකුට රුපියල් 5215 ක්, හෙද සේවකයකුට රුපියල් 7100 ක්, ගුරුවරයකුට රුපියල් 9200 ක් ද, පරිපාලන නිලධාරීයකුට රුපියල් 16000 ක්, විශේෂඥ වෛද්‍යවරයකුට රුපියල් 20,000 ක් ද මෙම වැටුප් වැඩිකිරිම සිදුවේ.
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතුවල මහතා විසින් අරලියගහ මන්දිරයේ අද (25) පැවැත්වූ මාධ්‍ය හමුවකදී මෙම කරුණු අනාවරණය කරනු ලැබිණි.
ඡායාරූප - ළහිරු හර්ෂණ


