IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


නුවරඑළියෙන් දිවයින පුරා එළවළු කිලෝ 182,600ක් යවයි

(රංජිත් රාජපක්ෂ   )          

නත්තල් සමය නිමිත්තෙන් නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් දිවයිනේ පළාත් කිහිපයකට ඊයේ (23) සහ අද(24) දින එළවලු කිලෝ 182,600ක ඉල්ලුමක් ලැබී තිබූ බව නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ කළමණාකාරවරයා පැවසීය.

එම ඉල්ලුම අනුව එම එළවලු තොග දිවයිනේ පළාත් කිහිපයකට ප්‍රවාහනය කළ බවද ඔහු පැවසීය.

ඉන් වැඩි ඉල්ලුමක් කැරට් වලට සහ ලීක්ස් වලට තිබු බවත් , කැරට් කිලෝ 55,000ක් සහ ලීක්ස් කිලෝ 55,000ක් එහි තිබුණු බවද කළමණාකාරවරයා පැවසීය.

මේ අනුව ගෝවා කිලෝවක් -රු.220, කැරට් -රු.200, ලීක්ස් -රු.200, රාබු -රු.150, බීට්රුට් -රු.350, බීට්රූට්/කට් -රු.470, අර්තාපල් -රු.270, රතු අර්තාපල් -රු.280, නෝකොල් -රු.250, සලාද -රු.600 යන මිලකට ගොවීන්ගෙන් මිලදී ගත් බව කළමණාකාරවරයා කියා සිටියේය.

මේ අතර වෙළද පොළේ බෝංචි කිලෝවක් රු.800, මාලු මිරිස් කිලෝවක් රු 1200, අමු මිරිස් කිලෝවක් රු.1000 සහ පහත රට සෑම එළවලු කිලෝවක් රු.600-800ත් අතර සිල්ලර මිලකට අලෙවි විය

 



අදහස් (0)

නුවරඑළියෙන් දිවයින පුරා එළවළු කිලෝ 182,600ක් යවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1051 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site