
(සුජිත් හේවාජුලිගේ)
නායයෑම් රතු නිවේදන ඉවත් කර අැතත් තවමත් එම ස්ථානවල අවදානම පහව ගොස් නොමැති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි.
පවතින වැසි තත්ත්වයේ අඩුවීම මත රතු නිවේදන ඉවත් කළද නිලධාරීන් පැමිණ අදාළ අවදානම් ස්ථාන පරීක්ෂා කරන තෙක් ජනතාව එම ස්ථානවලට නැවත නොගොස් සිටි යුතු බව එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ හසලි සේමසිංහ මහත්මිය සඳහන් කළාය
ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් පැමිණ පරීක්ෂා කර අවශ්‍ය උපදෙස් ලබාදෙන තුරු කිසිසේත්ම අවදානම් ස්ථානවලට නැවත නොයන ලෙසද ඇය වැඩිදුරටත් පැවසුවාය.
මේ වනවිට බදුල්ල, මහනුවර, නුවරඑළිය, කුරුණෑගල සහ මාතලේ යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17ක් සඳහා පළමු අදියරේ විමසිලිමත්ව සිටීමේ නිවේදන නිකුත් කර ඇත.
විමසිලිමත් වන්න (කහ)
මහනුවර දිස්ත්‍රික්කය:
- උඩුදුම්බර
- මිණිපෙ
- මැදදුම්බර
- දොළුව
නුවරඑළිය දිස්ත්‍රික්කය:
- වලපනේ
- හගුරන්කෙත
- නිල්දණ්ඩාහින්න
- මතුරට
බදුල්ල දිස්ත්‍රික්කය:
- සොරණාතොට
- ලුණුගල
- මීගහකිවුල
කුරුණෑගල දිස්ත්‍රික්කය:
- රිදීගම
මාතලේ දිස්ත්‍රික්කය:
- රත්තොට
- අඹන්ගග කෝරළය
- උකුවෙල
- යටවත්ත
- පල්ලෙපොල
2025 දෙසැම්බර් මස 18
475
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1048
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රතු නිවේදන ගැලෙව්වත් අවදානම අඩු නෑ