
(ගයාන් සූරියආරච්චි)
වැලිගම ප්‍රදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාට වෙඩි තබා ඝාතනය කිරීම සදහා ගිනි අවි ලබාදුන් සැකකරුවන්ට නවාතැන් පහසුකම් ලබාදුන් බව කියන පුද්ගලයකු ඊයේ (23) අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිගම, පැලෑන ප්‍ර දේශයේ පදිංචි මුහුදු රළමත ලිස්සා යන ක්‍රීඩා පුහුණු කණ්ඩායමක් නායකයකු වශයෙන් කටයුතු කළ 32 හැවිරිදි පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු එම ඝාතනය සදහා වෙඩික්කරුවන්ට ගිනි අවි සැපයූ සැකකරුවන්ට සැගව සිටීම සදහා පහසුකම් ලබාදීම සහ අපරාධයෙන් පසුව ප්‍ර දේශයෙන් පලාගොස් සැගව සිටීමේ වරදට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශ I නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.
වැලිගම ප්‍ර දේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඉකුත් ඔක්තෝබර් මස 22 දින නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් වෙඩි තබා ඝාතනය කර තිබුණි.
වැලිගම ප්‍ර දේශීය සභාවේ සභාපතිවරයාගේ මහජන දිනය පැවැති දින වෙඩික්කරු සාමාන්‍ය පුද්ගලයකු ලෙස මුඛ ආවරණයක් පැළැද සභාපතිවරයාගේ කාර්යාලය තුළදී වෙඩි තබා ඝාතනය කර යතුරුපැදියකින් පලාගොස් තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
අපරාධ පරීක්ෂණ හා මූල්‍ය අපරාධ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.
2025 දෙසැම්බර් මස 18
475
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1048
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැලිගම සභාවේ සභාපති ඝාතනයට ආධාර දුන් අයකු අත්අඩංගුවට