‘නිවාඩු දීර්ඝ කරන්නේ නෑ‘


(ඩයනා උදයංගනී) 

කොරෝනා වයිරසය පැතිරයාම හේතුවෙන් අද දිනයේදී ලබාදුන් නිවාඩුව ඉදිරියට දීර්ඝ කරන්නේ නැතැයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා පැවසීය.

පවතින තත්ත්වය නිරීක්ෂණය කර ඉදිරියේදී නිවාඩු දීමේ අවශ්‍යතාවක් මතුවුවහොත් යළි තීරණයක් ගන්නා බවද ලේකම්වරයා කීවේය.

ඔහු මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.