සැකකරුවකුට කොරෝනා:පොලිසියේ අටක් නිරෝධායනයට


(නිමන්ති රණසිංහ)

මුලතිව් ඔඞ්ඩුසූඩාන් පොලිසිය අත්අඩංගුවට ගත් වරෙන්තුකරුවකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් එම පොලීසියේ නිලධාරීන් අට දෙනකු සහ වව්නියාව බන්ධනාගාරයේ රැඳවියන් කීහිප දෙනකු නිරෝධායනයට ලක් කර ඇතැයි පොලීසිය පවසයි.

වව්නියාව අධිකරණයෙන් ලද වරෙන්තුවකට අනුව මුලතිව් ඔඞ්ඩුසූඩාන් පොලීසිය ඉකුත් 26 වැනිදා මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු බන්ධනාගාර ගත කිරීමේදී සිදුකරනු ලබන පී සී ආර් පරීක්ෂණයේදී කොරෝනා ආසාදිතයකු බවට හඳුනාගෙන තිබිණී.

ඒ අනුව, එම සැකකරු අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් ඇතුලු නිලධාරීන් අට දෙනකු පී සී ආර් පරීක්ෂණයට යොමු කර ඇති බව ද පොලීසියේ උසස් නිලධාරියකු සදහන් කළේය.

මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාර ගත කර ඇති අතර එහිදී සිදුකළ පී සී ආර් පරීක්ෂණයකදී කොරෝනා රෝගියකු ලෙසින් හදුනාගත් පසු ඔහු සහ තවත් රැදවියකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) මාධ්‍ය ප‍්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.