( දිල්රුක්ෂි ග්‍රේරු )
කොරෝනා වයිරසය ආසාදිත ශ්‍රි ලාංකික 11 වැනි පුද්ගලයා පිළිබඳව තහවුරු කරගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජා සිංහ මහතා කියයි.
වයිරසය ආසාදිත මෙම පුද්ගයා 45 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකි.
මීට පෙර රෝගය තහවුරු වූ ජර්මනියේ සංචාරය කර පැමිණි පුද්ගලයා සමඟ එම සංචාරයේම නියැලුණු පුද්ගලයෙකු බවද හඳුනාගෙන තිබේ.
මේ වන විට ඔහු අයිඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබන බවද අනිල්ජාසිංහ මහතා සඳහන් කළේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කර තිබේ.

