(ජේ.කේ.එල් චාමින්ද)
අක්මීමන පොලිස් බල ප්‍රදේශය තුල විදේශීය රටවල සිට පැමිණි පුද්ගලයින් 59 දෙනෙකු මේ වනවිට සිය නිවෙස්වලට වී ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින බව අක්මීමන පොලිසිය පවසයි.
මෙකී පුද්ගලයින් පොලිසියේ ලියාපදිංචි වී ඇති අතර ඔවුන් සෞඛ්‍ය අංශවල උදෙස් පරිදි සිය නිවෙස්වලට වී ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින බවද පොලිසිය පවසයි.
කොරියාව, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, ඉතාලිය, සංගප්පුරුව, ඩුබායි ආදි විවිධ රටවල සිට මොවුන් මෙරටට පැමිණ තිබේ.
මේ අතර මෙරටින් හමුවු මුල්ම කොරෝනා රොගියා සමග සම්බන්ධතා පවැත්වු සංචාරක වෑන් රථ රියදුරකුද ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින බවද පොලිසිය පවසයි. මොහු දඹුල්ලේ දි මෙම සංචාරක මගපෙන්වන්නා සමග සම්බන්ධතා පවත්වා ඇති බව පොලිසිය පවසයි.
වෑන් රථ රියදුරාගේ නිරෝධානයන කාලය දැනට අවසන් වී ඇති අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උපදෙස් පරිදි ඔහු තවදුටත් ස්වයං නිරෝධානයට ලක්වෙමින් සිටින බවද පොලිසිය පවසයි.

