( මහින්ද නිශ්ශංක )
මේ මාසයට නියමිත විදුලි බිල ගෙවීම සඳහා මාර්තු 31 දක්වා පාරිභෝගිකයින්ට කල් ලබා දීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබේ.
විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත මෙම තීරණය ගෙන ඇත.
දැනට පවතින ඇඳිරිනීති කාලය සැළකිල්ලට ගෙන විදුලි බිල නොගෙවූවත් විදුලිය විසන්ධි නොකරන ලෙස අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.

