(විනීතා එම් ගමගේ )
වැඩිහිටියන් හා රෝගී සඳහා තැපැල් කාර්යාලවලින් මෙතෙක් නිකුත් කරන ලද වැඩිහිටි දීමනා හා රෝගාබාධ දීමනා ග්‍රාමසේවා නිලධාරින් මාර්ගයෙන් එකී වැඩිහිටියන්ගේ නිවෙස්වලටම ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුවී තිබේ.
ඇඳිරි නීතිය ඉවත් කල පසුව වුවද වැඩිහිටියන් හා රෝගීන් එම දීමනාව ලබා ගැනීම සදහා තැපැල් කාර්යාල වෙත පැමිණිම වැලැක්වීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ.
වැඩිහිටියන් හා රෝගින් තැපැල් කාර්යාල වෙත පැමිණ මෙම දීමනාව ලබා ගැනීමේ ඇති අවදානම පෙන්වා දෙමින් තැපැල්පතිවරයා ස්වදේශ කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා ගෙන් කල ඉල්ලීම පිලිගත් බැවින් මාර්තු මාසයට අදාල වැඩිහිටි දීමනාව තැපැල් කාර්යාලවලින් නොගෙවන ලෙස තැපැල්පතිවරයා සියලු තැපැල් කාර්යාලවලට හා උපතැපැල් කාර්යාලවලට මේ වනවිටත් දන්වා යවා ඇත.

